වතු කම්කරුවන්ට දෛනික රු. 50 ක දීමනාවක්

වතු කම්කරුවන්ට දෛනිකව රුපියල් 50 ක දීමනාවක් ලබාදීමේ සූදානමක්

by Staff writer 11-03-2019 | 5:41 PM

COLOMBO (News 1st) - වතු කම්කරුවන්ට මැයි මස 01 වැනි දා සිට දෛනිකව රුපියල් 50 ක දීමනාවක් ලබාදීම සඳහා වූ කැබිනට් පත්‍රිකාව හෙට ඉදිරිපත් කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.