by Staff writer 11-03-2019 | 9:39 PM
COLOMBO (News 1st) - බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සරචන්ද්‍ර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ලේදී සිදු කෙරුණි.
පසුගිය 24 වැනි දා බම්බලපිටියේදී සිදු වූ අනතුරින් බරපතළ තුවාල ලබා සිටි පොලිස් පරීක්ෂකවරයා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගියේ ය.
ඔහුට අවසන් ගෞරව දැක්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද අද පස්වරුවේ පැමිණියහ.
ආගමික වතාවත්වලින් අනතුරුව දේහය රැගත් රිය පෙරහැර බොරැල්ල පොදු සුසාන භූමිය දක්වා ගමන් කළේ පොලිස් ගෞරවය මධ්‍යයේයි.
පොලිස් පරීක්ෂක ආනන්ද සරචන්ද්‍ර මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ දේශපාලඥයින් ඇතුලු විශාල පිරිසක් බොරැල්ල පොදු සුසාන භූමියට පැමිණ සිටියහ.