චීනය බෝයිං Boeing 737 Max 8 භාවිතය අත්හිටුවයි

චීනය බෝයිං Boeing 737 Max 8 භාවිතය අත්හිටුවයි

by Staff writer 11-03-2019 | 1:41 PM
COLOMBO (News 1st) : බෝයිං Boeing 737 Max - 8 වර්ගයේ ගුවන් යානා භාවිතය අවලංගු කරන ලෙස චීන ගුවන් සේවා නියාමන ආයතනය සිය ගුවන්සේවා වෙත නියෝග කර තිබේ. ඒ , ඉතියෝපියානු ගුවන් සේවයට අයත් එම වර්ගයේ ගුවන් යානයක් ඊයේ කඩාවැටීමෙන් එහි සිටි පුද්ගලයින් 157 දෙනාම මියයාමෙන් පසුවයි. එම යානය අනතුරට පත්වන විට එහි චීන ජාතිකයන් අට දෙනෙකු ද සිටි බව සඳහන් ය. චීන ගුවන් සේවා මේ වනවිට Boeing 737 Max -8 වර්ගයේ ගුවන් යානා 60 ක් පමණ භාවිත කරන අතර චීනය මෙවැනි පියවරක් ගත්තේ කුමන පදනමක සිටදැයි යන්න අවිනිශ්චිත බව අමෙරිකාව ප්‍රකාශ කළේ ය. මේ හමුවේ Boeing 737 Max -8 වර්ගයේ ගුවන් යානා වෙනුවට Boeing 737 Max -8 සහ එයිට් හන්ඩ්‍රඩ් වර්ගයට අයත් යානා භාවිත කරන බව චීනය ප්‍රකාශ කළේ ය.