කුවේටයේ පීඩාවට පත් ලාංකිකයින් 18 ක් දිවයිනට

කුවේටයේ රැකියාවට ගොස් සිටියදී පීඩාවට පත් ශ්‍රී ලාංකිකයන් 18 ක් දිවයිනට

by Staff writer 11-03-2019 | 4:52 PM

COLOMBO (News 1st) - කුවේටයේ රැකියා සඳහා ගොස් සිටියදී පීඩාවට පත් වූ ශ්‍රී ලාංකිකයින් 18 දෙනෙකු අද දිවයිනට පැමිණ තිබේ.

ඒ අතර කාන්තාවන් 16 දෙනෙකු හා පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු ද වේ. ඔවුන් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් ය. මෙම ශ්‍රමිකයින් සේවා ගිවිසුම ඉක්මවීම සහ රැකියා ස්ථානයේ සිදු වූ විවිධ කරදර හේතුවෙන් සුරක‍්ෂා නිවාසයට පැමිණි ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ ය.