හෙරොයින් කිලෝ 1 ක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

JUST IN : හෙරොයින් කිලෝ 1 ක් සමග දෙදෙනෙකු ගාල්ලේදී අත්අඩංගුවට

by Staff writer 10-03-2019 | 7:46 AM

COLOMBO (News 1st) - හෙරොයින් කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 65 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු ගාල්ල අම්බලන්ගොඩ මාර්ගයේ අකුරල, ගල්දුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ලද තොරතුරක් මත සිදු කළ වැටලීමේදී සැකකරුවන් සමග මෝටර් රථයක් ද සිය භාරයට ගත් බවයි. සැකකරුවන් 43 සහ 58 හැවිරිදි රත්ගම සහ ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. සැකකරුවන් අද බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.