සේනා වැනසු වගාබිම්වලට අද සිට වන්දි

සේනා දළඹු හානියෙන් පීඩාවට පත් ගොවීන්ට වන්දි ලබා දීම අද සිට

by Staff writer 10-03-2019 | 6:51 AM

COLOMBO (News 1st) - සේනා දළඹු උවදුරෙන් වගා හානි වූ ගොවීන් වෙනුවෙන් වන්දි ලබා දීමේ කටයුතු අද ආරම්‍භ වේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේ, පළමු අදියර යටතේ වන්දි ලබා දීම අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බවයි. ඒ, කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන අමාත්‍ය, පී. හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් ය. අම්පාර දිස්ත්‍රික්කයේ පීඩාවට පත්, පූර්ණ හානි වූ ගොවීන් 307 දෙනෙකු වෙනුවෙන් අක්කරයකට රුපියල් 40,000 බැගින් මෙහිදී වන්දි පිරිනැමීමට නියමිත වේ. අම්පාර ඇතුලු සේනා දළඹුවාගෙන් වගා හානි වූ මොණරාගල, අනුරාධපුර ඇතුලු සෙසු දිස්ත්‍රික්කවල ගොවි ජනතාව සඳහා ද ඉදිරියේදී වන්දි ලබා දීම සිදු කරන බව අමාත්‍ය, පී. හැරිසන් මහතා නිව්ස්ෆස්ට් වෙත කියා සිටියේ ය.