'සිරිකොත ගමට' කළුතරින් ඇරඹෙයි

'සිරිකොත ගමට' කළුතරින් ඇරඹෙයි... බණ්ඩාරගමදී පාක්ෂික විරෝධය

by Staff writer 10-03-2019 | 9:10 PM
COLOMBO (News 1st) : එක්සත් ජාතික පක්ෂය විසින් ක්‍රියාත්මක කරන 'සිරිකොත ගමට' ප්‍රවර්ධන වැඩසටහන අද ආරම්භ විය. ඒ, කළුතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමිනි. කළුතර දිස්ත්‍රික්කයේ කළුතර, පානදුර, හොරණ, අගලවත්ත, මතුගම, බේරුවල ආදී ප්‍රදේශ රැසක අද එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරු ඇතුළු පක්ෂ ක්‍රියාකාරීහු ගෙයින් ගෙට ගොස් ජනතාව දැනුවත් කිරිමට එක්වූහ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රවර්ධන වැඩසටහනට එක්වූයේ, පානදුර තොටවත්ත ප්‍රදේශයේදී ය. අනතුරුව හොරණ නගරයේ පැවති සමාජික ප්‍රවර්ධන වැඩසටහනට ද එක්වූ වික්‍රමසිංහ මහතා මතුගමට ද පැමිණියේ ය. එහිදී ජනතාව අමතමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, ආර්ථිකයේ ස්ථාවරභාවය ඇති කිරීම සඳහා විවිධ වැඩසටහන් ආරම්භ කර ඇති බවයි.
"ප්‍රජාතන්තවාදය ශක්තිමත් කරන්න. ටිකෙන් ටික ආණ්ඩුව ආර්ථිකය ස්ථාවර භාවය ඇති කරන්න අධ්‍යාපනය, සෞඛ්‍ය නිවාස වැඩසටහන් ආරම්භ කරලා තියෙනවා. ගම්පෙරළිය, එන්ටප්‍රයිස් ලංකා විශාල වැඩසටහන් තියෙනවා. මේ එක්කම අනාගතය ගැන විශ්වාසයක් ඇතිකරන්න පුලුවන්. අපි වැඩකලැයින් පස්සේ අපි බැලුවා අපේ පළමු යුතුකම ගමට එන්න දැන් සිරිකොත ගමට ඇවිල්ලා තියෙනවා"
කළුතර දිස්ත්‍රික්කය පුරා එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් අද දවස පුරා සාමාජික ප්‍රවර්ධන වැඩසටහන්වලට එක්වූ අතර, හොරණදී මන්ත්‍රීවරුන්ට පාක්ෂිකයන්ගෙන් විරෝධයක් ද එල්ල විය. https://www.youtube.com/watch?v=4Bmst1_PKfw