මහියංගනයේ වන අලි ප්‍රහාරයකින් තිදරු පියෙකු මරුට

වන අලි ප්‍රහාරයකින් තිදරු පියෙකු මිය යාම හේතුවෙන් මහියංගනයේ ප්‍රදේශවාසීන් විරෝධතාවක

by Staff writer 10-03-2019 | 11:32 AM

COLOMBO (News 1st) - මහියංගනය - බිබිල ප්‍රධාන මාර්ගය 17 කණුව ප්‍රදේශයෙන් අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් මේ වනවිට විරෝධතාවක නිරත වේ.

ඒ, අද අලුයම වන අලි ප්‍රහාරයකින් ගම්වාසියෙකු මිය යාමට විරෝධය පළ කරමිනි. විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ තම ගම්මාන ආශ්‍රිතව සැරිසරන වන අලි පළවා හැරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි. විරෝධතාව හේතුවෙන් මහිංයගනය - බිබිල ප්‍රධාන මාර්ගය ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් පවතින බව ද අප වාර්තාකරු සඳහන් කළේ ය. අද අලුයම වන අලි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ, එම ප්‍රදේශයේම පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු දරුවන් තිදෙනෙකුගේ පියෙක් ය. සිය රාජකාරියට යාම සඳහා මාර්ගය ආසන්නයට පැමිණ සිටියදී මෙම වන අලි ප්‍රහාරයට ලක් ව තිබේ. https://www.youtube.com/watch?v=5HK7uLR_xi0