රට තුළ සංහිඳියාව නැතැයි කියන ජාත්‍යන්තරයට කාදිනල් හිමියන්ගෙන් පිළිතුරක්...

by Staff writer 10-03-2019 | 7:20 AM

COLOMBO (News 1st) - ජාත්‍යන්තරය නැතැයි කියන මෙරට සංහිඳියාව පිළිබඳව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අදහස් පළ කර තිබේ.

ඒ, කරවනැල්ල, වැන්දල, ශ්‍රී විශූද්ධාරාම විහාරස්ථානයේ අභිනව ධර්මශාලාව සංඝසතු කොට පූජා කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම පුණෝත්සවය අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන ස්වාමීන් වහන්සේ හා කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත් විය.