පුත්තලමේ කුණු ළඟදීම අරුවක්කාඩු කසළ රඳවනයට

මේ මාසයේ සිට පුත්තලමේ කුණු අරුවක්කාඩු කසළ රඳවනයට

by Staff writer 10-03-2019 | 10:51 AM

COLOMBO (News 1st) - අරුවක්කාඩු කසළ රඳවනයට ලබන 15 වන දා සිට පුත්තලම දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාලන ආයතනවල කැලි කසළ බැහැර කිරීමට පියවර ගන්නා බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් නිහාල් රූපසිංහ මහතා සඳහන් කළේ, ඒ පිළිබඳව පුත්තලම දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් එකඟතාව පළ කර ඇති බවයි. දිනකට මෙට්‍රික්ටොන් 600 ක කැලි කසළ මෙම කසළ රඳවනයට බැහැර කළ හැකි වනු ඇති. මේ අතර ලබන වසරේ සිට කොළඹ මහ නගර සීමාවේ කැලි කසළ ද දුම්රිය මගින් අරුවක්කාඩු කසළ රඳවනයට රැගෙන යාමට සැලසුම් කර ඇත. ඒ සඳහා විශේෂිත දුම්රිය මැදිරි 17 ක් දිවයිනට ගෙන්වීමට නියමිත වේ. එම දුම්රිය මැදිරි මේ වසර අවසානයේදී මෙරටට ලැබෙන බව ලේකම්වරයා සඳහන් කළේ ය.