by Staff writer 10-03-2019 | 4:05 PM
COLOMBO (News 1st) : බස්නාහිර පළාත තුළ පසුගිය දෙදින මධ්‍යම රාත්‍රීය සහ අලුයම් කාලය ආවරණය වන පරිදි ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුම තුළදී බීමත් රියදුරන් 527 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධීකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ, එම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි.
සති අන්ත දිනවල මධ්‍යම රාත්‍රීයේ සහ අලුයම් කාලයේ සමාජ ශාලාවල සහ අවන්හල්වල මත්පැන් පානය කර, රිය ධාවනය කරන රියැදුරන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවට පොලිස්පතිවරයාට ලැබී තිබූ තොරතුරු අනුව, මෙම මෙහෙයුම සංවිධානය කර තිබිණ.
පොලීසිය ප්‍රකාශ කළේ, පෙරේදා දින ක්‍රියාත්මක කළ මෙහෙයුමේදී බීමත් රියැදුරන් 222ක් සහ ඊයේ දින ක්‍රියාත්මක කළ මෙහෙයුමේදී 305 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර, නීතිඥයින්, වෛද්‍යවරුන් සහ ව්‍යාපාරිකයින් ඇතුළු සමාජයේ විවිධ තරාතිරම්වල පුද්ගලයින් සිටින බව පොලීසිය සඳහන් කළේ ය.
එම සියලු රියැදුරන්ට ඉදිරි දින කිහිපය තුළ නඩු පවරා නීතිය ක්‍රියාත්මක කිරීමටත්, ඔවුන්ගේ රියදුරු බලපත්‍ර තාවකාලිකව අත්හිටුවීමේ නියෝග ලබාගැනීමටත් පියවර ගනු ඇති.