ටියුනිසියාවේ සෞඛ්‍ය ඇමති ඉල්ලා අස්වෙයි

බිළිඳුන් 11 දෙනෙකු මිය යාමෙන් පසු ටියුනිසියානු සෞඛ්‍ය ඇමති ඉල්ලා අස්වෙයි

by Staff writer 10-03-2019 | 9:18 AM

ටියුනිසියාවේ සෞඛ්‍ය අමාත්‍ය අබ්දුල් රාවුෆ් එල් ෂෙරිෆ් සිය ධූරයෙන් ඉල්ලා අස්විය.

ඒ, ටියුනිස් අගනුවර රෝහලකදී පැය 24 ක් තුළ අභිරහස් ලෙස බිළිඳුන් 11 දෙනෙකු මිය යාමේ සිද්ධියකින් අනතුරුවයි. මෙම බිළිඳුන්ගේ මරණවලට හේතු සොයා විමර්ශනයක් දැනටමත් ආරම්භ කර ඇත. රුධිර ආසාධනයක් මෙම මරණවලට හේතු වන්නට ඇතැයි විදෙස් වාර්තා සඳහන් කළේ ය. 2011 වසරේ ඇති වූ ආණ්ඩු පෙරළියත් සමග ටියුනිසියාව මේ වනවිට දැඩි ආර්ථික අර්බුදයකට ද මුහුණ පා සිටි.