පළාත් 3 කට උණුසුම් කාලගුණය තවදුරටත්

පළාත් 3 කට උණුසුම් කාලගුණය තවදුරටත්

by Staff writer 10-03-2019 | 6:59 AM

COLOMBO (News 1st) - උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල බොහෝ ස්ථානවලට අද උසුණුම් කාලගුණයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙසය. ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, සෙවන ඇති ස්ථානවල විවේක ගැනීම මෙන්ම අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. මේ අතර පවතින උණුසුම් කාලගුණ තත්ත්වය ලබන මැයි මාසය පමණ දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අතුල කරුණානායක මහතා පැවසුවේ ය.