ද. අප්‍රිකාව එක්දින තරගාවලිය ජයගනී

ශ්‍රී ලංකා -ද අප්‍රිකා එක්දින තරගාවලිය ජය දකුණු අප්‍රිකාවට

by Staff writer 10-03-2019 | 10:36 PM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකාවට එරෙහි තරග 5 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය තවත් තරග දෙකක් ඉතිරිව තිබියදී ජය ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය. ඒ දෙරට අතර පැවැති තුන්වන එක්දින ක්‍රිකට් තරගය ඩක්වත් හා ලුවිස් න්‍යායට අනුව ලකුණූ 71 කින් ජය ගනිමිනි. ඩර්බන්හදීයි පැවති තරගයේ ඩක්වත් හා ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 24 කදී ලකුණු 193 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 24 අවසානයේ කඩුලු 5 ක් දැවී රැස් කරගැනීමට හැකි වූයේ ලකුණු 121 ක් පමණයි. පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 5 ක් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 331 කි. ආරම්භක පිතිකරු ක්වින්ටන් ඩි කොක් 14 වැනි ශතකය වාර්තා කරමින් ලකුණූ 121 ක් රැස් කළ අතර නායක ෆෆ් ඩූ ප්ලෙසිස් ලකුණූ 36 යි. රසී වෑන් ඩර් ඩසන් 4 වැනි එක්දින අර්ධ ශතතය වාර්තා කළේ ය. දකුණූ අප්‍රිකානු පිතිකරුවන් අවසන් පන්දුවාර 10 තුළ ලකුණූ 99 ක් රැස් කිරීම විශේෂත්වයකි. නොදැවී කඩුල්ලේ රැඳී සිටි ඩ්වේන් පොටොරියස් ලකුණූ 31 ක් රැස් කළ අතර ඇන්ඩිල් ෆුලේක්වායෝ නොදැවී ලකුණු 38 ක් රැස් කළේ ය. පන්දු යැවීමේදී ඉසුරු උදාන කඩුලු 2 යි. ලකුණු 322 ක ඉලක්කයක් සදහා ශ්‍රී ලංකා ඉණිම ආරම්භ කරමින් පිටියට පිවිසියේ නිරෝශන් දික්වැල්ල සහ අවිශ්ක ප්‍රනාන්දු ක්‍රීඩකයින් දෙදෙනායි. දික්වැල්ල ලකුණු 2 කට දැවී ගිය අතර අවිශ්ක ප්‍රනාන්දු රැස් කළ ලකුණු සංඛ්‍යාව 23 කි.