by Hashini De Mel 10-03-2019 | 1:37 PM
COLOMBO (News 1st) - තිරප්පනේ ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරයෙකුට කිසියම් පිරිසක් විසින් ඊයේ රාත්‍රියේ පහර දී තිබේ.
ඊයේ රාත්‍රී 10.00 ට පමණ මෙම පහර දීම සිදු කර ඇත.
මෙලෙස පහර කෑමට ලක් ව ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණු ප්‍රාදේශීය සභා මන්ත්‍රී රෝහන විජේතිලක මහතායි.
නාඳුනන පිරිසක් විසින් ඒ මහතාගේ නිවස අසළදී මෙම පහර දීම සිදු කර ඇත.
මේ වන විට ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව අප වාර්තාකරු සඳහන් කළේ ය.
අදාළ පහර දීම සම්බන්ධයෙන් මේ වන විට කැකිරාව පොලිස් නිලාධාරීන් විසින් විමර්ශන ආරම්භ කර තිබේ.
https://www.facebook.com/NewsfirstSL/videos/1674456882701082/