ගාල්ලෙන් හමු වූ හෙරොයින්වල වටිනාකම මි. 10 ඉක්මවයි

ගාල්ලෙන් සොයාගත් හෙරොයින් තොගයේ වටිනාකම රු. මිලියන 10 ඉක්මවයි

by Staff writer 10-03-2019 | 12:10 PM

COLOMBO (News 1st) - ගාල්ල - අම්බලන්ගොඩ මාර්ගයේ අකුරල, ගල්දුව ප්‍රදේශයේදී සොයා ගැණුනු හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 10 කට අධික බවට ගණන් බලා තිබේ.

ඊයේ කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ බර කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 65 ක්. ලද තොරතුරක් මත කළ වැටලීමේදී සැකකරුවන් දෙදෙනෙකු සමග මෝටර් රථයක් ද සිය භාරයට ගත් බව පොලීසිය ප්‍රකාශ කළේ ය. සැකකරුවන් 43 සහ 58 හැවිරිදි රත්ගම සහ ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. මෙම ජාවාරම දීර්ඝ කාලයක සිට ගාල්ල, හික්කඩුව සහ අක්මීමන ප්‍රදේශ ආශ්‍රිතව ක්‍රියාත්මක කර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබේ. ජාවාරම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර සැකකරුවන් අද බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.