by Staff writer 10-03-2019 | 9:04 PM
COLOMBO (News 1st) : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ක්‍රියාකාරිත්වය පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මතු කළ ගැටලු පිළිබඳ පැහැදිලි කරමින් එම සභාව ජනාධිපතිවරයා වෙත ඊයේ ලිපියක් යොමු කළේ ය.
පසුගිය 21 වන දා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ක්‍රියාකාරකම් පිළිබඳ කල් තැබීමේ විවාදයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම සභාවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ගැටලු කිහිපයක් මතු කළේ ය.
එම ගැටලුවලට ඊයේ පිළිතුරු ලිපියක් යොමු කර ඇති කතානායක කරු ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සාභාව එහි සාරාංශයක් ඊයේ රාත්‍රී මාධ්‍ය වෙත ද නිකුත් කළේ ය.
අදාළ සාරාංශය අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ සඳහන් කර ඇත්තේ, සිය සභාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශ බරපතළ හා අසාධාරණ බවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සංයුතියේ බහුතර නියෝනය සිවිල් සමාජ නියෝජිතයන් වෙත ලබා දිය යුතුය යන මතය හා තම සභාවද එකඟ වන බව අදාළ ලිපියේ සඳහන් ය.
එමෙන්ම, උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ පත් කිරීම්, නීතිපති පොලිස්පති පත් කිරීම ආදි කරුණුවලදී ද, තම සභාව ව්‍යවස්ථානූකූලව කටයුතු කර ඇති බව ද ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියේ සඳහන් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහන් කළේ ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ කාර්යයන් සම්බන්ධයෙන් යම් ගැටලුවක් වේ නම් සභාවෙන් විමසන ලෙස ජනාධිපතිවරයාගේ කාරුණික අවධානයට යොමු කරන බව ද එම සභාව මාධ්‍ය වෙත නිකුත් කළ ලිපියේ සඳහන් ය.