2024 සිට කොටුවෙන් මාලඹේට දුම්රිය ගමන් ඇරඹේ

2024 සිට කොටුවෙන් මාලඹේට දුම්රිය ගමන් ඇරඹේ

by Sagarika Chathumali 09-03-2019 | 4:17 PM
COLOMBO (News 1st) : මාලඹේ සිට කොටුව දක්වා සැහැල්ලු දුම්රිය මාර්ගයේ ඉදිකිරීම සඳහා වන ණය ගිවිසුමට ලබන සඳුදා අත්සන් තබන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් නිහාල් රූපසිංහ මහතා සඳහන් කළේ, ජපාන සහයෝගීතා අරමුදල සමග මෙම ගිවිසුම අත්සන් තබන බවයි. මෙමගින් ලබා ගැනීමට අපේක්ෂිත ණය මුදල ඩොලර් බිලියන 1.5කි. ගිවිසුමට අත්සන් තැබීම මහා භාණ්ඩාගාර ලේකම්වරයා සහ ජයිකා ආයතනයේ මෙරට අධ්‍යක්ෂවරයා විසින් සිදුකරනු ඇති. දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් ලබන වසරේදී ආරම්භ කිරීමට නියමිත අතර වසර හතර හමාරක් ඇතුළත එහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතයි. සෑම විනාඩි 6 කට වරක්ම එම දුම්රිය මාර්ගයේ දුම්රියක් ධාවනය කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව කොළඹ කොටුවේ සිට මාලඹේ දක්වා ගමන් කිරීමට ගතවන කාලය විනාඩි 23කි. ද්විත්ව මාර්ගයක් වන මෙම මාර්ගය ආශ්‍රිතව දුම්රිය ස්ථාන 17 ක් ඉදි කරන බව ද බස්නාහිර හා මහනගර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ මහතා සඳහන් කළේ ය.