රජයේ ආයතන කිහිපයක් අමාත්‍යංශ වෙත පැවරේ

රජයේ ආයතන කිහිපයක් අමාත්‍යංශ වෙත පැවරේ

by Staff writer 09-03-2019 | 8:45 PM
COLOMBO (News 1st) : මේ දක්වා අමාත්‍යංශ යටතට පත් කර නොතිබූ රජයේ ආයතන කිහිපයක් ජනාධිපතිවරයා විසින් අදාළ අමාත්‍යංශ වෙත පවරනු ලැබ තිබේ. ඒ 2019 මාර්තු 07 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි නිකුත් කළ ගැසට් නිවේදනයක් මගිනි. මේ ගැසට් නිවේදනයට අනුව ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිසම ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ එහි පාලිත ආයතන පවරා ඇත්තේ මුදල් අමාත්‍යාංශය යටතටයි. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ මින් පෙර ගැසට් කෙරුණු රන්මිණිතැන්න මහින්ද රාජපක්ෂ ටෙලි - සිනමා ගම්මානය නව ගැසට් පත්‍රයට අනුව නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතට පවරා තිබේ. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සහ එහි පාලිත සමාගම් හා ආශ්‍රිත ආයතන, විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යංශය යටතට පවරා තිබේ.