මාවනැල්ල, දනාගමදී වෙඩි තැබීමක්

මාවනැල්ල, දනාගමදී වෙඩි තැබීමක්: පුද්ගලයෙකුට බරපතළ තුවාල

by Staff writer 09-03-2019 | 9:13 AM
COLOMBO (News 1st) - මාවනැල්ල, දනාගම ප්‍රදේශයේදි යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ, අද අලුයම 5.00ට පමණ අදාළ පුද්ගලයා සිය නිවසේ නිදා සිටියදී එතුළට පැමිණි සැකකරුවන් වෙඩි තැබීම සිදු කර පළා ගොස් ඇති බව ය. වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ ඔහු මාවනැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට මාරු කර යවා තිබේ. වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ, 37 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මාවනැල්ල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.