බේකරි නිෂ්පාදන මිල ඉහළ යන ලකුණු

බේකරි නිෂ්පාදන මිල ඉහළ යන ලකුණු

by Staff writer 09-03-2019 | 11:51 AM
COLOMBO (News 1st) - රජය සමග සාකච්ඡා අසාර්ථක වුවහොත් සියලු බේකරි නිෂ්පාදන මිල ඉහළ නැංවීමට පියවර ගන්නා බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසුවේ, මෙවර අයවැයෙන් බේකරි කර්මාන්තය සඳහා අපේක්ෂිත කිසිදු සහනයක් නොලැබුණු බව ය. ඒ පිළිබඳව ඉදිරියේදී රජය සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවත් සාකච්ඡාවලින් අනතුරුව ඉදිරි පියවර ගන්නා බවත් ඔහු පැවසුවේ ය.