පොලිස් මෙහෙයුමකින් බීමත් රියදුරන් 222ක් අත්අඩංගුවට

පොලිස් මෙහෙයුමකින් බීමත් රියැදුරන් 222ක් අත්අඩංගුවට

by Staff writer 09-03-2019 | 10:50 AM
COLOMBO (News 1st) - බස්නාහිර පළාත තුළ සිදු කළ මෙහෙයුමකදී බීමත් රියැදුරන් 222 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, ඊයේ මධ්‍යම රාත්‍රී 12.00 සිට අද අලුයම 5.00 දක්වා මෙහෙයුම ක්‍රියාත්මක කළ බව ය. පොලිස්පතිතුමාගේ නියෝග මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.