by Staff writer 09-03-2019 | 3:01 PM
COLOMBO (News 1st) : ත්‍රිකුණාමලය, මලෙයිමුන්දල් මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි කිරීමකදී නීතිවිරෝධීව පොකිරිස්සන් ඇල්ලූ ධීවරයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදාව පැවසුවේ, ඔවුන් සතුව තිබි කිමිදීම සඳහා යොදා ගන්නා පා වරල් යුගල් 3 ක්, මුහුණු ආවරණ 3 ක් සහ පොකිරිස්සන් 31 ක් ද නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි.
නාවික හමුදා භාරයට ගත් පොකිරිස්සන් අතරින් 25 දෙනෙකු ජීවි පොකිරිස්සන් වූ අතර, එම පොකිරිස්සන් නැවත මහ සයුර වෙත මුදා හැරීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 30, 39 සහ 40 වන වියෙහි පසුවන මුතුර් ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.
අත්අඩංගුවට ගත් පුද්ගලයින්, කිමිදුම් උපකරණ සහ පොකිරිස්සන් 06 දෙනෙකු ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය, ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කර තිබේ.