දුම්රිය රියැදුරන් සහ නියාමකයින් ඇරඹූ වර්ජනය අවසන්

දුම්රිය රියැදුරන් සහ නියාමකයින් ඇරඹූ වැඩ වර්ජනය අවසන්

by Staff writer 09-03-2019 | 8:28 AM
COLOMBO (News 1st) - දුම්රිය රියැදුරන් සහ නියාමකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අවසන් කර තිබේ. ඔවුන් ඊයේ රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නිරත වූයේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් නවාතැන් බංගලාවන්හි කණිෂ්ඨ කාර්ය මණ්ඩලයට රාජකාරී පැවරීම අවලංගු කිරීමට විරෝධය පළ කරමිනි. දුම්රිය ඉංජිනේරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පැවසුවේ, අවංලගු කරන ලද රාජකාරී ලැයිස්තුව අදාළ කාර්ය මණ්ඩලය වෙත ලබා දෙන බවට ලද පොරොන්දුව මත වැඩ වර්ජනය අවසන් කළ බව ය. මේ අතර අදාළ වැඩ වර්ජනය හේතුවෙන් සියලු දුම්රිය ගමන් වාර ප්‍රමාද වූ බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ය.