දුම්රිය රියැදුරන් සහ නියාමකයින් වැඩ වර්ජනයක

දුම්රිය රියැදුරන් සහ නියාමකයින් වැඩ වර්ජනයක

by Staff writer 09-03-2019 | 7:14 AM
COLOMBO (News 1st) - දුම්රිය රියැදුරන් සහ නියාමකයින් ඊයේ රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. දුම්රිය පාලක මැදිරිය පැවසුවේ, වර්ජනය හේතුවෙන් දුම්රිය කිහිපයක් අවලංගු විය හැකි බව ය. දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් නවාතැන් බංගලාවන්හි කණිෂ්ඨ කාර්ය මණ්ඩලයට රාජකාරී පැවරීම අවලංගු කිරීමට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කර තිබේ. කෙසේ වෙතත් දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට උපරිම උත්සහය ගන්නා බව ද පාලක මැදිරිය සඳහන් කළේ ය. මේ අතර දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලාන් ප්‍රනාන්දු මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු පැවසුවේ, එවැනි වැඩ වර්ජනයක් සම්බන්ධයෙන් තමන් දැනුවත් කර නොමැති බව ය.