ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 09-03-2019 | 6:58 AM
COLOMBO (News 1st) දේශීය පුවත් 1. ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව අත්කරගෙන ඇති ප්‍රගතිය මන්දගාමී බව මානව හිමිකම් මහ කොමසාරිස්වරිය කියයි. 2. මෙතම්ෆෙටමින් නමැති මත්ද්‍රව්‍ය පෙති 2000කට අධික තොගයක් මධ්‍යම තැපැල් හුවමාරුවේදී රේගු භාරයට ගෙන තිබේ. 3. ජාත්‍යන්තර කාන්තා දිනයේදී මෙරටදී තුන් නිවුන් දියණියන්ගේ උපත ලැබීමක් ඊයේ සිදු විය. 4. ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ, හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ ඇප ඉල්ලීම මහාධිකරණය ඊයේ ප්‍රතික්ෂේප කළේ ය. 5. තමන්ට එරෙහිව නීතිපතිවරයා කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව විභාගයට ගැනීම වළක්වන අතුරු තහනම් නියෝගයක් සහ එම විභාගය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු කර තිබූ රිට් ආඥා පෙත්සම ලබන 12 වන දා සලකා බැලීමට අභියාචනාධිකරණය ඊයේ පස්වරුවේ තීරණය කළේ ය. 6. ඉතිහාසයේ පළමු වරට කාන්තා කාර්ය මණ්ඩලයකින් සමන්විත ගුවන් යානයක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ඊයේ උදෑසන ගුවන්ගත විය. විදෙස් පුවත් 7. ඉන්දීය මහ මැතිවරණයට තරග කරන කොංග්‍රස් පක්ෂයේ ප්‍රථම අපේක්ෂක ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබේ. ක්‍රීඩා පුවත් 8. ඩේවිස් කුසලාන කණිෂ්ඨ ටෙනිස් තරගාවලිය සඳහා පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරග වටයේදී ශ්‍රී ලංකාව හමුවේ වියට්නාමය පරාජයට පත් විය.