ඇල්ජීරියානු ජනපතිට එරෙහිව එරට ජනතාව වීදි බසී

ඇල්ජීරියානු ජනපතිට එරෙහිව එරට ජනතාව වීදි බසී

by Staff writer 09-03-2019 | 7:52 AM
(News 1st) - ඇල්ජීරියානු ජනපති ඇබ්දෙල්ලාසීස් බූතොෆ්ලිකාට එරෙහිව එරට අගනුවර ඇතුළු නගර රැසක දැවැන්ත විරෝධතා ආරම්භ වී තිබේ. ඒ, ඔහු ලබන අප්‍රේල් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණයට 5 වැනි වරටත් තරග කරන බවට ප්‍රකාශ කිරීමත් සමග ය. ඇල්ජීරියානු ජනාධිපති මන්දිරය අසළ විරෝධතාවයේ නිරතව සිටි පිරිසකට කදුළු ගෑස් ප්‍රහාර ද එල්ල කර ඇතැයි විදෙස් වාර්තා අනාවරණය කළේ ය. විරෝධතා අතරතුර කළහකාරී ලෙස හැසිරුණු 200කට අධික පිරිසක් එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර 82 හැවිරිදි වියේ පසුවන ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීම හේතුවෙන් මේ වන විට පසුවන්නේ ස්විට්සර්ලන්තයේ රෝහලක ය. ඇල්ජීරියාව පුරා පැවැත්වෙන විරෝධතා එරට දැවැන්ත ව්‍යාකූලත්වයකට පත් කරනු ඇති බවට ජනපතිවරයා අනතුරු අඟවා තිබේ.