අම්බලන්ගොඩ ප්‍රා. සභා මන්ත්‍රීවරයෙකුගේ නිවසට වෙඩි

අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ නිවසට වෙඩි ප්‍රහාරයක්

by Staff writer 09-03-2019 | 12:01 PM
COLOMBO (News 1st) - බටපොළ, පොල්ලෑව්ව ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් ජීප් රථයකට හා නිවසකට හානි සිදුව තිබේ. පොලීසිය පැවසුවේ, යතුරු පැදි 4කින් පැමිණි පිරිසක් ඊයේ රාත්‍රී 11.45 ට පමණ එම වෙඩි තැබීම සිදු කර ඇති බව ය. මෙලෙස වෙඩි තබා ඇත්තේ, අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුගේ නිවසකට බව අප වාර්තාකරු පැවසුවේ ය. පොලීසිය සඳහන් කළේ, පෞද්ගලික ආරවුලක් මෙම වෙඩි තැබීමට හේතු වී ඇති බව ය. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර තිබේ.