මෙතම්ෆෙටමින් පෙති 2000ක් රේගු භාරයට

මෙතම්ෆෙටමින් නමැති මත්ද්‍රව්‍ය පෙති 2000ක් මධ්‍යම තැපැල් හුවමාරුවේදී රේගු භාරයට

by Staff writer 08-03-2019 | 10:05 PM
COLOMBO (News 1st) - මෙතම්ෆෙටමින් නමැති මත්ද්‍රව්‍ය පෙති 2000කට අධික තොගයක් මධ්‍යම තැපැල් හුවමාරුවේදී රේගු භාරයට ගෙන තිබේ. රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ, එහි වටිනාකම රුපියල් ලක්ෂ 90ක් වන බව ය. මෙම පාර්සලය ගැනීමට පුද්ගලයෙකු පැමිණ ඇති අතර ඔහු පාර්සලය විවෘත කරන අවස්ථාවේදී පළා ගොස් තිබේ. එම පුද්ගලයා රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව ජයරත්න මහතා සඳහන් කළේ ය. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක ය.