ඩේවිස් කුසලානය: ශ්‍රී ලංකාව හමුවේ වියට්නාමය පරදී

ඩේවිස් කුසලානය: ශ්‍රී ලංකාව හමුවේ වියට්නාමය පරදී

by Staff writer 08-03-2019 | 8:16 AM
COLOMBO (News 1st) : ඩේවිස් කුසලාන කනිෂ්ඨ ටෙනිස් තරගාවලිය සඳහා පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරග වටයේදී ශ්‍රී ලංකාව හමුවේ වියට්නාමය පරාජයට පත් විය. ඩේවිස් කුසලාන කනිෂ්ඨ ටෙනිස් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරග මේ දිනවල ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූල්ස්ථානයේදී පැවැත්වේ. මෙම සුදුසුකම් ලැබීමේ තරග වටය කාණ්ඩ 4කින් ක්‍රියාත්මක අතර ශ්‍රී ලංකාව එහිදී තරග කරන්නේ ඩී කාණ්ඩයෙනි. ශ්‍රී ලංකාව සහ වියෙට්නාමය අතර තරගය ඊයේ පැවැත්විණ. එහිදී වියෙට්නාමයේ ක්වෑන්ග් න්ගුයෙන් හමුවේ, ශ්‍රී ලංකාවේ ටෙහාන් විජේමාන්න පරාජය වූයේ වට 2ට 0ක් ලෙසයි. වට 2ට 0ක් ලෙස චාතූර්ය නිලවීර හමුවේ වින් ට්‍රොන්ග් පරාජය විය. මේ අතර ඩිල්වාන් හේරත් සහ චාතුර්ය නිලවීර සමග පැවැති යුගළ තරගයෙන් වියට්නාම ක්‍රීඩකයින් දෙදෙනා පරාජය වූහ. ඒ අනුව තරග 2ට 1ක් ලෙස තරගය ජය ගත්තේ ශ්‍රී ලංකාවයි.