ජාත්‍යන්තර කාන්තා දින මෙරටදී උපන් තුන් නිවුන් දියණියන්

by Staff writer 08-03-2019 | 9:36 PM
COLOMBO (News 1st) - ජාත්‍යන්තර කාන්තා දිනයේදී මෙරටදී තුන් නිවුන් දියණියන්ගේ උපත ලැබීමක් පිළිබඳව අපිට වාර්තා විය. ඒ, රාගම ශික්ෂණ රෝහලෙනි. අලව්ව, අබ්බෝව ප්‍රදේශයේ පදිංචි නිලූකා මධුවන්තිටත් සමින්ද හේවගේ මහතාටත් දාව අද මෙලෙස තුන් නිවුන් දැරියන් උපත ලැබුවේ රාගම ශික්ෂණ රෝහලේ 17 වන වාට්ටුවේදී ය. ඒ, පස්වරු 2.36, 2.37 සහ 2.38 යන වේලාවන්හිදී ය. රෝහල් බලධාරීන් පවසන්නේ, දියණියන් තිදෙනා ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව ය. දැරියන් හදා වඩා ගැනීමට උපකාරයක් බලාපොරොත්තු වන බව දැරියන්ගේ පියා නිව්ස්ෆස්ට් වෙත කියා සිටියේ ය.