කොල්ලුපිටියේ වෙළෙඳ සලක පිපිරීමක්

කොල්ලුපිටියේ වෙළෙඳ සලක පිපිරීමකින් වෙළෙඳ සල් 11කට හානි

by Staff writer 08-03-2019 | 3:00 PM
COLOMBO (News 1st) - කොල්ලුපිටිය මංසන්ධියේ වෙළෙඳ සලක අද අලුයම සිදු වූ ගෑස් බවට සැක කෙරෙන පිපිරීමකින් වෙළෙඳ සල් 11කට පමණ හානි සිදුව තිබේ. පොලීසිය සඳහන් කළේ, ඉන් වෙළෙඳ සල් 03කට දැඩි අලාභ හානි සිදුව ඇති බව ය. ‍ පිපිරීමෙන් චීන ජාතික යුවළක් හා වෙළෙඳ සල් හිමියන් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති අතර එක් පුද්ගලයෙකු මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළේ ය.