ඇමරිකානුවෝ මිලියන 15ක් ෆේස්බුක් අතහරී!

ඇමරිකානුවෝ මිලියන 15ක් ෆේස්බුක් අතහරී!

by Staff writer 08-03-2019 | 2:32 PM
භාවිත කරන්නන්ගේ පෞද්ගලික  දත්ත ආරක්ෂා කිරීම සදහා ෆේස්බුක් සමාගමඅපොහොසත් වීමේ ප්‍රතිපලයක් වශයෙන් ඇමරිකාවේ සහ යුරෝපයේ තරුණ පිරිස් ෆේස්බුක් සමාජජාලය භාවිත කිරීම සීඝ්‍රයෙන් අතහැර දමමින් සිටියි.
පසුගිය වසර දෙක තුලදී ඇමරිකා එක්සත් ජනපදයේ මිලියන 15 පමණ පිරිසක් මෙලෙස සියෆේස්බුක් ගිණුම් අත්හිටුවා ඇති අතර යුරෝපයේ මිලියනයක පමණ පිරිසක් ඉන් ඉවත්ව ඇත.
මේ  අතරින් බොහෝ පිරිසක් වයස අවුරුදු 12 - 34ත් වයසේ පසුවන තරුණ ප්‍රජාව වන අතරඔවුන් සිය පෞද්ගතිකත්වය පිළිබඳව වඩාත් සැලකිලිමත් වන බව මෙම සිදුවීමෙන් අනාවරණයවේ.
දත්ත ආරක්ෂාව පිළිබඳ අර්බුදය
2016 ඇමරිකානු ජනාධිපතිවරණයේදී වර්තමාන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණව්‍යාපාරය සදහා ෆේස්බුක් භාවිත කරන ඇමරිකානුවන් මිලියන 50කගේ පමණ අතීශය සංවේදීදත්ත එම දත්ත හිමිකරුවන්ගේ නිසි අවසරයකින් තොරව භාවිතා කල බවට 2018 වසරේචෝදනා එල්ල විය.
කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ  මහාචාර්‍යවරයෙකු වන ඇලෙක්සැන්ඩර් කෝගන් විසින් නිර්මාණයකල නම් ජංගම දුරකතන යෙදවුම හරහා  මෙලෙස ෆේස්බුක් සමාගමේ දත්ත  අවසරයකින්තොරව එකතු කරගෙන ඇති අතර ඒ හරහා ඇමරිකානුවන් මිලියන 50කගේ පෞද්ගලික දත්තලබාගෙන ඒ හරහා ඔවුන්ගේ පෞර්ශ ලක්ෂණයන් පිළිබඳව කේම්බ්‍රිජ් ඇනලිටිකා නම්සමාගමක් හරහා  විශේෂ විමර්ශණයක් සිදුකර ඒ ඒ පුද්ගල පෞර්ශයන්ට ගැලපෙන පරිදිඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ  මැතිවරණ ප්‍රචාරණ දැන්වීම් සකස් කල බවට එහිදී  අනාවරණයවිය.
එම හෙළිදරව්වත් සමඟ අවස්ථා කිහිපයකදීම ෆේස්බුක් සමාගම සිය පරිශීලකයින්ගේ දත්තආරක්ෂා කිරීම සදහා ප්‍රමාණවත් උත්සාහයක් දරා නොමැති බවට තහවුරු විය.
අමරිකානුවන් සහ යුරෝපීයයන් සිය පුද්ගලික දත්ත වල ආරක්ෂාව පිළිබඳව දැඩි සැලකිල්ලක්දක්වනු ලබයි. ආසියාතික සහ අප්‍රිකානු කලාපයේ රටවල තරුණ ප්‍රජාවට සිය පෞද්ගලික දත්තවල ඇති වැදගත්කම පිළිබඳව ප්‍රමාණවත් දැනුමක් නොමැති අතර ඒ නිසාම මෙම කලාප වලෆේස්බුක් වෙබ් අඩවි පරිශීලකයින්ගේ වර්ධනයක් පවතී.
ෆේස්බුක් සමාගම කඩා වැටෙයිද?
2017 වසරේදී ඇමරිකාවේ සමස්ථ ජනගහණයෙන් වයස 12 වැඩි පිරිස තුල 67% පිරිසක්ෆේස්බුක් වෙබ් අඩවිය භාවිතා කල අතර  මේ වනවිට එය 61% දක්වා අඩුවී තිබේ.
එහි ප්‍රතිපලයක් ලෙස ෆේස්බුක් සමාගමේ කොටස් මිල සීග්‍රයෙන් පහත වැටිණි.
ඇමරිකානු ඩොලර් බිලියන 71 වූ මාර්ක් සකර්බර්ග් ගේ වත්කම් ප්‍රමාණය  ඩොලර් බිලියන62.3කින් හෙවත් ආසන්න වශයෙන් ඩොලර් බිලියන නමයකින් පහත වැටී ඇති බව ලෝප්‍රකටෆෝබ්ස් සගරාව පසුගිය සතියේ වාර්තා කලා.
ඇතිවී තිබෙන තත්වය හමුවේ මාක් සකර්බර්ග් ෆේස්බුක් සමාගමේ ප්‍රධානීත්වයෙන් ඉවත්වියයුතු බවත් ඒ වෙනුවට වෙනත් අයෙකු පත්කල යුතු බවටත් යම් මතයක් නිර්මාණය වී ඇති බවවාර්තා වනවා.