ශ්‍රීලංකන් ගුවන් සේවය ඉතිහාසයට එක්වෙයි

කාන්තා දිනය දා ශ්‍රීලංකන් ගුවන් සේවය ඉතිහාසයට එක්වෙයි

by Staff writer 08-03-2019 | 3:18 PM
COLOMBO (News 1st) - ඉතිහාසයේ පළමු වරට කාන්තා කාර්ය මණ්ඩලයකින් සමන්විත ගුවන් යානයක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් අද උදෑසන ගුවන්ගත විය. සිංගප්පූරුව බලා එලෙස ගමන් ආරම්භ කළේ, ශ්‍රීලංකන් ගුවන් සේවයේ යූ.එල් 306 දරණ යානයයි. යානයේ මෙහෙයුම් කාර්ය මණ්ඩලයට කාන්තාවන් 8 දෙනෙකු ඇතුළත් ය. ගුවන් නියමුවරිය ලෙස කපිතාන් සිම්රන් ගුම්මන් කටයුතු කළා ය. එහි පළමු පියාසර නිලධාරිණිය ලෙස මනීෂා නම්බුගේ කටයුතු කරන අතර ගුවන් කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කරන්නේ මිරින්ඩා රුද්‍රිගෝයි. මගීන් 177 දෙනෙකු රැගත් කාන්තා කාර්ය මණ්ඩලයකින් සමන්විත අදාළ යානය එලෙස ගුවන්ගත කෙරුණේ, ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙනි.