වෙඩි කන්දේ කසුන්ගේ නිවසින් ගිනිඅවි 2ක් සොයා ගැනේ

වෙඩි කන්දේ කසුන්ගේ නිවසින් ගිනිඅවි 2ක් සොයා ගැනේ

by Staff writer 07-03-2019 | 4:21 PM
COLOMBO (News 1st) - රුපියල් කෝටි 500 දියමන්තිය සමග අත්අඩංගුවට ගත් කැලුම් ඉන්දික නොහොත් කැවුමා නමැත්තා ලබා දුන් තොරතුරු අනුව ගිනිඅවි දෙකක් සොයා ගෙන තිබේ. ඒ, පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කළ වැටලීමකිනි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, වෙඩි කන්දේ කසුන් නමැත්තාගේ නිවසේ වළදමා තිබූ ගිනිඅවි දෙකක් මෙලෙස සොයා ගත් බව ය.