නිල් මහ සටන ඇරඹෙයි

රාජකීය - ශාන්ත තෝමස් නිල් මහ සටන ඇරඹෙයි

by Staff writer 07-03-2019 | 12:25 PM

COLOMBO (News 1st) - 140 වැනි රාජකීය - ශාන්ත තෝමස් විද්‍යාලාන්තර නිල් මහ සටන මහා ක්‍රිකට් තරගය කොළඹ එස්.එස්.සී පිටියේදී අද ආරම්භ විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙන රාජකීය කණ්ඩායම පන්දුවාර 28 ක් අවසානයේදී කඩුලු 5 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 87 ක්. මෙවර තරගයේදී කවිදු මාදාරසිංහ රාජකීය කණ්ඩායම මෙහෙයවයි. ශාන්ත තෝමස් කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ, සිතාර හපුහින්නයි. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි රාජකීය කණ්ඩායම වෙනුවෙන් ඉනිම ආරම්භ කළේ, ඉසිවර දිසානායක සහ කමිල් මිශාර. ඉසිවර ලකුණු රැස් කිරීමට පෙර දවා ගැනීමට කලන පෙරේරා සමත් විය. අශාන් වික්‍රමසිංහ ලකුණු 15 යි. කලන පෙරේරා එම කඩුල්ලද දවා ගත්තේ ය. මෙම තරගයේදී තුන්වැනි විනිසුරුවරයෙක් ද යොදා ගැනීම විශේෂත්වයකි. පසිදු සූරියබණ්ඩාර ලකුණු දෙකකට දැවී ගියේ ය. විද්‍යාලාන්තර මහා ක්‍රිකට් තරග ඉතිහාසයේ තරග 35 ක් රාජකීයයන් ජයගෙන ඇති අතර ශාන්ත තෝමස් කණ්ඩායම තරග 34 ක් ජය ගෙන තිබේ.