ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Hashini De Mel 07-03-2019 | 6:01 AM

දේශීය පුවත්

1. විපක්ෂ නායක සහ ජවිපෙ අතර සාකච්ඡාවක්: 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සාකච්ඡාවක් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර පැවැත්විය. 2. අත්අඩංගුවට ගත් සියලු මත්ද්‍රව්‍ය තොගය අප්‍රේල් 01 වැනි දා විනාශ කරන බව ජනපති කියයි: මෙතෙක් අත්අඩංගුවට ගත් සියලු නීති විරෝධි මත්ද්‍රව්‍ය අප්‍රේල් 01 වැනි දා විනාශ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 3. හෙට ප්‍රදේශ රැසක උණුසුම් කාලගුණයක්: අද දිනයේ උතුරු, උතුරු මැද, නැගෙනහිර, පුත්තලම දිස්ත්‍රික්කයේ බොහෝ ස්ථානවලට උණුසුම් කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කර හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 4. අංගම්පොර සටන් ක්‍රමය නීතිගත කිරීමට කැබිනට් අනුමැතිය: 1818 ඌව වෙල්ලස්ස සටනින් පසු තහනමට ලක් වූ ශ්‍රී ලංකාවේ දේශීය සටන් ශිල්ප ක්‍රමයක් වන අංගම්පොර සටන් ක්‍රමය නීතිගත කිරීමට කැබිනට් අනුමැතිය හිමි ව තිබේ.

විදෙස් පුවත්

5. මංගල දින රාත්‍රියේ රැකුණු යුවතියකගේ ගෞරවයෙන් ඇරඹි දොඩම් සටන: ඉතාලියේ උතුරු නගරයක් වන ඉව්‍රියාහි පසුගිය ඉරිදා (03) ‘දොඩම් ගෙඩි සටන’ නමින් සම්ප්‍රදායික සැණකෙළියක් පැවැතිවිය.