by Staff writer 07-03-2019 | 9:33 PM
COLOMBO (News 1st) - අල්ලස් හෝ දූෂණ වැළැක්වීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම ලබන 18 වන දා එළිදැක්වීමට කටයුතු සූදානම් කර තිබේ.
අද මාධ්‍ය හමුවක් කැඳවමින් අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සරත් ජයමාන්න මහතා මේ පිළිබඳව කරුණු අනාවරණය කළේ ය.
සරත් ජයමාන්න මහතා මෙහිදී සඳහන් කළේ, මෙම ක්‍රියාවලියේදී වෙනත් නීති සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව ය.
අල්ලස් පනත, වත්කම් බැරකම් පනත සංශෝධනය කරමින් සිටින බව ද සරත් ජයමාන්න මහතා සඳහන් කළේ ය.
සරත් ජයමාන්න මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ, මැතිවරණ කටයුතු සඳහා මුදල් යෙදවීමේදී නියාමනය කිරීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයා මේ වන විට දළ කෙටුම්පතක් ඇතුළු යෝජනාවලියක් සකස් කර ඇති බව ය.
රටේ වත්කම් මේ වන විට මෙරට නොමැති බවත් එම වත්කම් යළි මෙරටට ලබා ගැනීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කරමින් සිටින බවත් සරත් ජයමාන්න මහතා මෙහිදී සඳහන් කළේ ය.