ජර්මානු තානාපති පිටුවහල් කිරීමට වෙනිසුවෙලාවේ සූදානමක්

ජර්මානු තානාපති පිටුවහල් කිරීමට වෙනිසුවෙලාවේ සූදානමක්

ජර්මානු තානාපති පිටුවහල් කිරීමට වෙනිසුවෙලාවේ සූදානමක්

කර්තෘ Staff writer

07 Mar, 2019 | 7:16 am

අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වූ බව කියමින් සිය ජර්මානු තානාපති ඩැනියෙල් ක්‍රීනර් රටින් පිටුවහල් කිරීමට වෙනිසුවෙලාව සූදානම් වෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ලතින් අමෙරිකානු සංචාරයක නිරත වූ වෙනිසුවෙලා විපක්ෂ නායක ජුවාන් ගුවයිඩෝට යළි වෙනිසුවෙලාවට පැමිණීමට උපකාර කළ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් අතර ඩැනියෙල් ක්‍රීනර් ද වන බවයි.

ජුවාන් ගුවයිඩෝ වෙනිසුවෙලාවේ අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස හඳුනාගන්නා ජර්මනිය, මෙම තත්ත්වය දෙරටේ සබඳතා පළුදු කිරීමට හේතුවනු ඇතැයි පවසයි.

මේ අතර වෙනිසුවෙලා ජනාධිපති නිකලස් මධූරෝට සම්බන්ධ පුද්ගලයන් 77 දෙනෙකුගේ වීසා තහනම් කිරීමට පියවර ගන්නා බව අමෙරිකාව ප්‍රකාශ කළේ ය.