COLOMBO (News 1st) - හෙට දිනයේ උතුරු, උතුරු මැද, නැගෙනහිර, පුත්තලම දිස්ත්‍රික්කයේ බොහෝ ස්ථානවලට උණුසුම් කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කර හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව මෙම උණුසුම් කාලගුණය හේතුවෙන් පුද්ගලයින්ගේ ශරීර සෞඛ්‍ය තත්ත්වයට විය හැකි බලපෑම් අවම කර ගන්නා ලෙස උපදෙස්දී ඇත.
ඒ අනුව ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන්නත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් දෙයි.
