විපක්ෂ නායක සහ ජවිපෙ අතර හමුවක්

විපක්ෂ නායක සහ ජවිපෙ අතර සාකච්ඡාවක්

by Staff writer 06-03-2019 | 6:31 PM

COLOMBO (News 1st) - 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සාකච්ඡාවක් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර අද පැවැත්විය.

සාකච්ඡාව අද පස්වරුවේ ආරම්භ වූයේ, විපක්ෂ නායක කාර්යාලයේදීයි. මෙම සාකච්ඡාවට ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින්, එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක, විජිත හේරත් සහ සුනිල් හඳුන්නෙත්ති යන මන්ත්‍රීවරුන් පැමිණ සිටියහ. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවට දිනේෂ් ගුණවර්ධන සහ ඩලස් අලහප්පෙරුම යන මන්ත්‍රීවරුන් ද එක්විය.