ලෝටස් පාර තාවකාලිකව වසා දැමේ

කොළඹ ලෝටස් පාර තාවකාලිකව වසා දැමේ

by Staff writer 06-03-2019 | 4:50 PM

COLOMBO (News 1st) - අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ආරම්භ කර ඇති විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ ලෝටස් වටරවුම් පාර මේ වන විට තාවකාලිකව වසා දමා තිබේ.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටි. වයඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 12 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හා රාජ්‍ය විශ්වවිද්‍යාල අඩපන කිරීමට විරෝධය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මෙලෙස විරෝධතාවයෙහි නිරත විය. මේ හේතුවෙන් මාරදාන සිට ටෙක්නිකල් මංසන්ධිය දක්වා සහ පිටකොටුව යන මාර්ගයන්වල දැඩි රථවාහන තදබදයක් ඇති බව වාර්තාකරු පැවසුවේ ය. සෞනදර්්‍ය විශ්වවිද්‍යාලය අසළින් මෙම විරෝධතා පා ගමන ආරම්භ කෙරුණි. මේ වන විට කොළඹ ලෝටස් මාර්ගය මුළුමනින්ම වසා දාමා තිබෙනාවා.