මංගල දින රාත්‍රියේ රැකුණු යුවතියකගේ ගෞරවයෙන් ඇරඹි දොඩම් සටන

මංගල දින රාත්‍රියේ රැකුණු යුවතියකගේ ගෞරවයෙන් ඇරඹි දොඩම් සටන

කර්තෘ Sakila Udayakumara

06 Mar, 2019 | 10:38 am

(News 1st) – ඉතාලියේ උතුරු නගරයක් වන ඉව්‍රියාහි පසුගිය ඉරිදා (03) සම්ප්‍රදායික සැණකෙළියක් පැවැතිවිණි.

මෙම සැණකෙළිය හඳුන්වන්නේ ‘දොඩම් ගෙඩි සටන’ ලෙසයි.

මෙම සැණකෙළියේ ඉතිහාසය 12 වන ශත වර්ෂය දක්වා දිව යයි.

එරට ජනප්‍රවාදයන්ට අනුව ඇඹරුම්හලක හිමිකරුවෙකුගේ දියණියක වන වයලෙට්ටා හට සිය විවාහ මංගල්‍ය දින රාත්‍රියේ ඛේදනීය අත්දැකීමකට මුහුණ දීමට සිදුව තිබේ.

ඒ, තම මංගල රාත්‍රිය ස්වාමි පුර්ෂයා සමග ගත කිරීම වෙනුවට එම නගරයේ පාලකයා සමග ගත කිරීමට සිදු වීමයි.

එම පාලකයා කෘෘර අයෙකු බවත් ඔහු පැනවූ නීතියට අනුව එම තරුණියට මෙම ඉරණම අත් වී ඇති බවත් ජනප්‍රවාදයේ සඳහන් ය.

වැඩවසම් නීති ඉටු කිරීම සඳහා වයලෙට්ටා එදින රාත්‍රියේ එම පාලකයාගේ නිවසට ගිය නමුත් ඇයි සිය ගෞරවය රැක ගැනීම සඳහා පාලකයාගේ හිස සිඳ දැමුවා ය.

වයලෙට්ටාගේ මෙම නිර්භීය ක්‍රියාව සිහි කරමින් සහ කෘෘර පාලකයාගේ හිස සංකේතවත් කරමින් මෙලෙස දොඩම්වලින් පහර දීමේ සටන බිහි විය.

1930 ගණන්වලදී මෙම සැණකෙළියට සහභාගී වූ තරුණයන්ට, තරුණියන් සඳළුතලයේ සිට මල් සමග දොඩම් ගෙඩිවලින් පහර දී තිබේ.

පසුව මෙය ‘ඇරන්සෙරි’ නමින් හැඳින්වූ සැබෑ ආහාර සටනක් බවට පත් විය.

කෙසේ වෙතත් දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව මෙම සැණකෙළි සටන විචිත්‍රවත් සිද්ධියක් බවට පත් වූයේ, එය නිදහස උදෙසා සටන් කිරීමක් ලෙස සංකේතාත්මකව පරිවර්තනය වූ බැවිනි.

ඉතිහාසයේ සිට පැවත ආ දහස් සංඛ්‍යාත ජනතාවකගේ ආකර්ශනය දිනා ගත් මෙම සටනට දෙපිළක් සිටි මුත් එම දෙපිළම බරෑරුම් ස්වරූපයෙන් සැහැල්ලු සිතින් විනෝද වෙයි.

මෙම සැණකෙළිය සඳහා සෑම වසරකම ටොන් 500ක පමණ දොඩම් ගෙඩි ප්‍රමාණයක් රැගෙන එනු ලබයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]