ඔස්ට්‍රේලියාවෙන් කිරි ගවයින් ගෙන්වීමේදී සිදු වූ වංචා ගැන ජනපති කොමිසමෙන් පරීක්ෂණ

ඔස්ට්‍රේලියාවෙන් කිරි ගවයින් ගෙන්වීමේදී සිදු වූ වංචා ගැන ජනපති කොමිසමෙන් පරීක්ෂණ

ඔස්ට්‍රේලියාවෙන් කිරි ගවයින් ගෙන්වීමේදී සිදු වූ වංචා ගැන ජනපති කොමිසමෙන් පරීක්ෂණ

කර්තෘ Staff writer

06 Mar, 2019 | 7:11 am

COLOMBO (News 1st) – ඔස්ට්‍රේලියාවෙන් කිරි ගවයින් ආනයනය කිරීමේදි සිදු වූ බව කියන වාංචාව සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ල මූලික විමර්ශනය සඳහා යොමු කිරීමට පසුගිය වසර 4 තුළ රාජ්‍ය ආයතනවල වංචා විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම තීරණය කර තිබේ.

ජනාධිපති කොමිසම පැවසුවේ, කිරි ගොවීන් 25 දෙනෙකුගේ අත්සන් සහිතව පැමිණිල්ල යොමු කර ඇති බව ය.

ඔවුන් ඉන් පවසා ඇත්තේ, ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශය මගින් කිරි ගවයින් 20000ක් ආනයනය කිරීමට ගිවිසුම්ගත වී ගොවීන් වෙත බෙදා දුන් කිරි ගවයින් ප්‍රමිතියෙන් තොර බව ය.

මේ හේතුවෙන් තමන් වැය කළ මුදල්වලින් නිසි ප්‍රයෝජනයක් ගැනීමට නොහැකි වූ බව ද ඔවුන් පෙන්වා දී තිබේ.

මේ අතර 2015 හා 2018 කාල පරිච්ඡේදයේ ස්වාධීන රූපවාහිනී සේවයේ ඉහළ නිලධාරීන් සිදු කළ වංචා සම්බන්ධයෙන් එහි සේවකයින් පිරිසක් යොමු කළ පැමිණිල්ලක් ද මූලික විමර්ශනය සඳහා යොමු කිරීමට ජනාධිපති කොමිසම තීරණය කර තිබේ.

එම පැමිණිල්ලෙන් ඔවුන් පෙන්වා දෙන්නේ, රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලි උල්ලංඝනය කරමින් ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රධානීන් කටයුතු කිරීමෙන් රජයට පාඩු සිදුව ඇති බව ය.

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමේ ක්‍රියාවලිය හරහා සිදු වූ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගොනු කළ පැමිණිල්ලක් ද මූලික විමර්ශනය සඳහා යොමු කළ පැමිණිලි අතරට අයත් ය.

මේ වන විට ජනාධිපති කොමිසම මූලික විමර්ශනය සඳහා යොමු කළ පැමිණිල සංඛ්‍යාව 10කි.

පසුගිය වසර 4 තුළ රාජ්‍ය ආයතනවල වංචා විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසමට මේ වන විට පැමිණිලි 360ක් ලැබී ඇති අතර ඉන් පැමිණිලි 250ක් කොමිසමේ නිලධාරීන්ගේ අධීක්ෂණය සඳහා යොමු කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]