2019 රණවිරු සැමරුම් වසරක් ලෙස ප්‍රකාශ කෙරේ

2019 රණවිරු සැමරුම් වසරක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

by Staff writer 05-03-2019 | 6:14 PM

COLOMBO (News 1st) - එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයෙන්, මාතෘ භූමිය නිදහස් කරගත් රණවිරු විජයග්‍රහණයට දස වසරක් සපිරීම නිමිත්තෙන් රණවිරු සැමරුම් වසරක් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මතයි. දේශයේ භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීත්වය ආරක්ෂා කිරීම සඳහා දිවිපිදු අතුරුදන් වූ හා ආබාධිත වූ රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය පුද කිරීම සහ අනුස්මරණය කිරීම සඳහා ඒ අනුව මෙම රණවිරු සැමරුම් වසරේදී පියවර ගැණෙනු ඇති. රණවිරු සැමරුම් වසර ප්‍රකාශයට පත් කරමින්, ඒ හා සමගාමීව දියත් කර ඇති රණවිරු කොඩි ව්‍යාපාරයේ පළමු කොඩිය රණවිරු සේවා අධිකාරියේ සභාපති ජම්මික ලියනගේ මහතා අද පෙරවරුවේ ජනාධිපතිතුමාට පළඳවනු ලැබුවේ ය. පසුගිය වසරේ රණවිරු කොඩි ආදායම මෙහිදී පළාත් ආණ්ඩුකාරවරුන් විසින් ජනාධිපතිතුමාට පිළිගැන් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.