by Staff writer 05-03-2019 | 8:30 PM
COLOMBO (News 1st) - අද ඉදිරිපත් කෙරුණු 2019 අයවැයේ හිඟය පෙර වසරට සාපේක්ෂව අඩු වීමක් පෙන්නුම් කරයි.
මෙවර අයවැයට අනුව සමස්ත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2464කි.
මේ වසරේ රජයේ වියදම රුපියල් බිලියන 3149කි .
ඒ අනුව 2019 අයවැය හිඟය රුපියල් බිලියන 685ක් ලෙස දැක්වේ.
මේ වසරේ ණය පොළී ගෙවීම සඳහා පමණක් වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 913කි.
සමස්ත රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 15.8% දක්වා ඉහළ ගොස් තිබේ.
සමස්ත රාජ්‍ය වියදම දළ දේශීය නිෂ්පාදනයෙන් 20.2% කි.
අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයත් ලෙස 4.4% ක් වී තිබේ.
එය පසුගිය වසර කිහිපයට සාපේක්ෂව ක්‍රමිකව පහළ යාමක් වීම විශේෂත්වයකි.