මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව හෙට නව වැඩපිළිවෙළක්

මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි නව ජාතික වැඩපිළිවෙළ හෙට හඳුන්වාදෙන බවට ජනපති කියයි

by Staff writer 05-03-2019 | 5:50 PM

COLOMBO (News 1st) - නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි නව ජාතික වැඩපිළිවෙළ හෙට රටට හඳුන්වා දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම භාවිතය වැළැක්වීම සඳහා විද්‍යාත්මක ක්‍රමෝපායන් යොදා ගැනීම පිළිබඳ විද්වත් සමුළුවේ සමාරම්භක අවස්ථාවට අද එක් වෙමිනි. උත්සවය පැවැත්වුණේ, බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හිදි ය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිතුමා පැවසුවේ, ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ රේගු, සුරාබදු වෙරළාරක්ෂක යන සියලු ආයතනවල මනා සම්බන්ධීකරණයෙන් යුතු ව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි. ග්‍රාමීය වශයෙන්, ව්‍යාප්තව ඇති නීති විරෝධි මත්පැන් මර්දනය වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද ජනාධිපතිතුමා මෙහිදී අදහස් පළ කළේ ය. එහිදී ජනාධිපතිතුමා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන්නේ, ලබන වෙසක් පොහොය දිනය වන විට ග්‍රාමීය වශයෙන් පවතින නීති විරෝධි මත්පැන් මුලිනුපුටා දමන ලෙසයි.