පන්නිපිටියේදී කොල්ලකෑ කෝටි 500යේ දියමන්තිය සොයාගනී

පන්නිපිටියේදී කොල්ලකෑ කෝටි 500යේ දියමන්තිය සොයාගනී

පන්නිපිටියේදී කොල්ලකෑ කෝටි 500යේ දියමන්තිය සොයාගනී

කර්තෘ Staff writer

05 Mar, 2019 | 8:39 am

COLOMBO (News 1st) : පන්නිපිටිය ප්‍රදේශයේදී පසුගිය දා කොල්ලකන ලද බවට සැකකරන රුපියල් කෝටි 500 කට අධික වටිනාකමකින් යුත් දියමන්තිය පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී සොයාගෙන තිබේ.

ඒ ,පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කරනු ලැබ තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගත් බවයි.

ඔහුගේ පිටිගල ප්‍රදේශයේ පිහිටි නිවස පරීක්ෂා කිරිමේදී, රුපියල් ලක්ෂ 150 ක මුදලක් ද සොයා ගැනීමට හැකිවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]