කැනඩාවේ දේශපාලන අර්බුදය වෙයි

කැනඩාවේ දේශපාලන අර්බුදය වෙයි

කැනඩාවේ දේශපාලන අර්බුදය වෙයි

කර්තෘ Staff writer

05 Mar, 2019 | 9:41 am

කැනඩාවේ දේශපාලන අර්බුදකාරී තත්ත්වය තවදුරටත් උග්‍ර වී තිබේ.

ඒ රජය අල්ලස් සහ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ආකාරය පිළිබඳව සිය විශ්වාසය බිඳ වැටී ඇතැයි, පවසමින් එරට කැබිනට් මණ්ඩල අමාත්‍යවරියක වූ ජේන් පිල්පොට් සිය ධූරයෙන් ඉල්ලා අස්වීම හමුවේයි.

තමන් සිය වටිනාකම්, සාරධර්ම සහ ව්‍යවස්ථාවේ අන්තර්ගතය වෙනුවෙන් පෙනී සිටිය යුතු බව ද කැනඩා භාණ්ඩාගාර මණ්ඩලයේ සභාපතිනිය ද වන ජේන් පිලට් වැඩිදුරටත් කියා සිටියේ ය.

ඒ අනුව ඉංජිනේරු සමාගමකට එරෙහි අල්ලස් චෝදනා වසන් කිරීමට කැනඩා අග්‍රාමාත්‍යවරයා තැත් කළ බව කියමින් ධූරයෙන් ඉල්ලා අස්වූ කැනඩා රජයේ ප්‍රධාන තනතුරක් හෙබවූ තුන්වැනි පුද්ගලයා ජේන් පිල්පොට් ය.

ඉකුත් පෙබරවාරි මාසයේ කැනඩා හිටපු නීතිපති සහ අධිකරණ අමාත්‍යවරයා වන ජෝඩි විල්සන් සහ ජස්ටින් ටෘඩෝ ගේ ප්‍රධාන ආධාරකරු වන ජෙරාල්ඩ් බට්ස් සිය ධූරවලින් ඉවත්විය.

කෙසේ වෙතත් ඉංජිනේරු ආයතනයකට එරෙහිව පැවැත්වෙන අල්ලස් දූෂණ විමර්ශනයකින් අදාළ සාමාගම ආරක්ෂා කිරීමට දේශපාලනමය වශයෙන් මැදිහත් වූ බවට එල්ලවන චෝදනා කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ ප්‍රතික්ෂේප කළේ ය.

ලොව විශාලතම ඉංජිනේරු සහ ඉදිකිරීම් සමාගමක් වන එය 2001 – 2011 කාලය තුල ලිබියානු බලධාරීන්ට අමෙරිකානු ඩොලර් මිලියන 36 ක අල්ලස් දී ඇතැයි විමර්ෂකයෝ පවසති.

කැනඩා විපක්ෂය ඉකුත් සතියේ ලිබරල් පාක්ෂික අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ ධූරයෙන් ඉවත්වන ලෙසයි.

මෙම සිදුවීම් හමුවේ කැනඩා අග්‍රාමාත්‍යවරයාගේ ජනප්‍රියත්වය ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින බව මත විමසුම් අනාවරණය කර ඇත්තේ එරට මහ මැතිවරණය ලබන ඔක්තෝබර් මසට යෙදී ඇති පසුබිමකදී වීම විශේෂත්වයකි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]