ICC සමුළුවට තිලංගගේ සහභාගීත්වය නීත්‍යානුකූල ද?

ICC ක්‍රිකට් සමුළුවට තිලංග සුමතිපාලගේ සහභාගීත්වය නීත්‍යානුකූල ද?

by Staff writer 04-03-2019 | 9:23 PM

COLOMBO (News 1st) - අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටු රැස්වීමට තිලංග සුමතිපාල මහතා සමග ශම්මි සිල්වා හා මොහාන් සිල්වා යන මහත්වරුන් සහභාගී වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කර තිබේ.

අප අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ මාධ්‍ය අංශ ප්‍රධානී ක්ලෙයාර් ෆර්ලොන්ගෙන් කළ විමසීමකදී ඇය සඳහන් කළේ, ශම්මි සිල්වා සහ ඈශ්ලි ද සිල්වා යන මහත්වරුන් අධ්‍යක්ෂ මණ්ඩල හා විධායක කමිටු රැස්වීම්වලට සහභාගී වූ බවයි. අප කළ එම වීමසීමෙන් පසු අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නැවතත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේ ය. එහි සඳහන් වන්නේ, ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනය වැරදී බවයි. ඒ අනුව අද නිවැරදි මාධ්‍ය නිවේදනය නිකුත් කරන බව එහි සඳහන් කර තිබුණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, නව සභාපති ශම්මි සිල්වා මහතා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට සහභාගී වූ බවයි. එසේම තිලංග සුමතිපාල මහතා අනෙකුත් සාකච්ඡා සඳහා සහභාගීවී ඇතැයි එහි සඳහන් විය. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නිල සාකච්ඡාවලට සහභාගීවිය හැක්කේ නිල බලයෙන් තේරී පත් වූ නිලධාරීන්ට පමණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ දිනයේ නිකුත් කළ මාධ්‍ය නිවේදනයට වැරදි තොරතුරු ලබාදුන්නේ කවු ද ? අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටු රැස්වීමට තිලංග සුමතිපාල මහතාට සහභාගිවිය හැකි ද? ජනතාවට ඇත්ත වසන් කර රැවටීමට උත්සාහ කරන්නේ කවුරුන් ද? අවධානයට....